• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය (NODES) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශයක් ලෙස පවත්වාගෙන යෑම
- ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය (NODES) මඟින් දිවයින පුරා පවත්වාගෙන යන මධ්‍යස්ථාන 26 ක් තුළ පරිගණක ජාලයක් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන දුරස්ථ අධ්‍යාපන ක්‍රමය මඟින් අධ්‍යාපන පාඨමාලා 35 ක් හැදෑරීම සඳහා දේශීය මෙන්ම විදේශීය සිසුන්ට පහසුකම් සලසා ඇත. 2012 වසරේදී වූ විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් 8,000ක් පමණ මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවයේ මධ්‍යස්ථාන පහසුකම් භාවිත කර ඇත. තවද, 2012 වසරේදී රජය විසින් පෞද්ගලික ආයතන සමඟ ඇති කර ගන්නා ලද හවුල් වැඩසටහනක් යටතේ ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවයේ තිබෙන තාක්ෂණික පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් 6,500 කට පමණ ඉගෙනීමේ පහසුකම් සැලසීමට හැකියාව ලැබී ඇති අතර, 2013 වසර අවසානයේදී මෙම සංඛ්‍යාව 9,000 දක්වා වැඩි කරගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවයට අදාළ යෝජිත ඉදිරි කටයුතු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.