• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දැයට කිරුළ' ජාතික සංවර්ධන වැඩසටහන - 2014 - ග්‍රාමීය මට්ටමේ ජනතා හමුවීම් සහ ජංගම සේවාවන්
- 'දැයට කිරුළ' 2014 ප්‍රදර්ශනයට සමගාමීව කුරුණෑගල, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක තුනෙහි සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස ආවරණය වන පරිදි, ප්‍රජා සුබසාධක සේවාවන් සහ ජංගම සේවාවන් ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන ලදී.මෙම වැඩසටහනේ මූලික අරමුණු වන්නේ -

ඉඩම් සහ නිවාස ආදී ගැටලු ඇතුළුව පුද්ගලාබද්ධ සහ කුටුම්බ මත පදනම් වූ ප්‍රශ්න හඳුනාගැනීම සහ ඒවාට විසඳුම් ලබා දීම;

* ග්‍රාම නිලධාරි කොට්ඨාස තුළ වැඩිදියුණු කළ යුතු පොදු පහසුකම් හඳුනාගැනීම;

* රාජ්‍ය ආයතන මඟින් සලසන විවිධ සේවාවන් ගම් මට්ටමින් ලබාදීම; සහ

මහජනතාවගේ සුබසිද්ධිය සඳහා ජංගම සෞඛ්‍ය සායන ගම් මට්ටමින් පැවැත්වීම.