• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 අගෝස්තු මස 25 - 27 දින දක්වා අතිගරු ජනාධිපතිතුමා බෙලාරුස් ජනරජයේ යෙදුණු රාජ්‍ය චාරිකාව
- බෙලාරුස් ජනරජයේ ජනාධිපතිතුමාගේ ඇරියුම පරිදි අතිගරු ජනාධිපතිතුමා විසින් 2013 අගෝස්තු 25 - 27 දිනයන්හි බෙලාරුස් ජනරජයේ රාජ්‍ය චාරිකාවක නිරත වූ අතර, මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකු විසින් බෙලාරුස් ජනරජයේ සිදු කළ ප්‍රථම රාජ්‍ය සංචාරය. දෙරටේ නායකයන් අතර පැවැත් වූ ද්විපාර්ශ්වීය සාකච්ඡා, මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය මත විවෘත වාතාවරණයක් යටතේ පැවැත්වුණු අතර, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට හා ශක්තිමත් කිරීම සඳහා බලාපොරොත්තු ඇති කරවන මෙන්ම ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ ඇති අන්‍යෝන්‍ය බැඳියාවන් ඇති කරුණු සම්බන්ධයෙන්ද සාධනීය අදහස් හුවමාරු කර ගැනීමත් මෙහිදී සිදු විය. මෙම චාරිකාවෙන් අත් වූ ප්‍රතිඵල සමහරක් පහත දැක්වේ:

දෙරට අතර ආර්ථික සබඳතා සංවර්ධනය කිරීම සඳහා වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳව ඒකාබද්ධ කොමිසමක් පිහිටුවීම;

ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ එකලස් කිරීමේ යන්ත්‍රාගාරයක් පිහිටුවීමේ අරමුණ ඇතිව, ඒකාබද්ධ Veenture සඳහා ශ්‍රී ලංකාවෙන් පාර්ශ්වයක් හඳුනා ගැනීම සඳහා බොලාරුස් නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම;

පොහොර ආනයනය සඳහා නම්‍යශීලී මිල තත්ත්වයන් සකස් කිරීම;

කිරි නිෂ්පාදන සහ පසු පැටියන් බිහි කිරීමේ ක්ෂේත්‍රවල සහයෝගිතාව;

අධ්‍යාපනය, විශේෂයෙන්ම විද්‍යා හා වෛද්‍ය ක්ෂේත්‍රයන්හි;

දෙරටේ විශ්වවිද්‍යාල අතර, උසස් අධ්‍යාපනයේදී සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක්; සහ

ශ්‍රී ලංකාවේ පවතින නිදහස් වරාය ක්‍රමවේදය සහ නිදහස් වෙළඳ ගිවිසුම්වල වාසි ප්‍රයෝජනයට ගනිමින් දකුණු සහ අග්නිදිග ආසියාවට සපයනු පිණිස, බෙලාරුස් සිට ශ්‍රී ලංකාවට එවන අපනයන වැඩි කිරීම.
ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩි කිරීම සඳහා පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම්/එකඟතාවන් සඳහා අත්සන් තබන ලදී:

සාපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය;

වෙළඳ හා ආර්ථික සහයෝගීතාව;

ආදායම් වෙනුවෙන් අය කරන බදු සම්බන්ධයෙන් බදු මුදල් මඟහැර යාම වැළැක්වීම සහ දෙවරක් බදු මුදල් අය කිරීම වැළැක්වීම; සහ

* සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව.