• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ඔක්තෝබර් 3 - 4 දෙදින තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනගහනය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සමුළුව (ICPD) සහ එක්සත් ජාතීන්ගේ පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳ ගෝලීය තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෙවන උපදේශන හමුව
- එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නිව්යෝ(ර්)ක් කාර්යාලයේ අනුග්‍රහයෙන් සහ ජනගහන සහ සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය මඟින් සංවිධානය කරනු ලබන ඉහත සඳහන් ජාත්‍යන්තර සමුළුව 2013 ඔක්තෝබර් මස 3 සහ 4 දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිතය. ගරු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මැතිතුමන්ට සහ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන්ට එම නියෝජිතයින් ඇමතීමට සහ උත්සව අවස්ථාව වර්ණවත් කිරීමට ඇරයුම් කර ඇත. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන්නේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දැක්ම අනුව ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ක්‍රියාකාර වැඩසටහන් පිළිබඳව ඇති වූ ගෝලීය ප්‍රගතිය සමාලෝචනය කිරීමයි. මෙම සමුළුවෙන් අපේක්ෂිත ප්‍රතිඵලය වන්නේ 2014 න් ඔබ්බට ජනගහන සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය සඳහා ලසාංතීය දායකත්වය ලබා දීමට තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් පරිදි දැනුවත් වීම සහ සූදානම්ව සිටීමයි. මෙම හමුව ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු වියදම් එස්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නිව්යෝ(ර්)ක් කාර්යාලය විසින් දැරෙනු ඇත. මෙම හමුව සංවිධානය කිරීමට සහ එය කොළඹදී පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.