• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ අධ්‍යාපන ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම
- පාසල්වල දෘෂ්ටි ඌනතා, ශ්‍රවණ ඌනතා, ඔටිසම් ආදිය සහිත ළමයින් වෙනුවෙන් අනුගමනය කළ යුතු ඉගැන්වීමේ ක්‍රම සාමාන්‍ය ළමයින්ට අදාළ ක්‍රමවලට වඩා බෙහෙවින් සංකීර්ණ බවත්, ඔවුන‍්ගේ අධ්‍යාපනය සඳහා විශේෂ උපකරණ, පහසුකම් සහ ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද ගුරුවරුන් යෙදවීම අත්‍යවශ‍්‍ය බවත් නිරීක්ෂණය කර ඇත. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා/වෙනුවෙන්, 2013 - 2015 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ලබා දීමට අපේක්ෂිත මුදල් ප්‍රතිපාදනවලින්, සම්පත් හා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම සඳහාත්, අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ සේවා, වෘත්තීය පුහුණු හා ජනමාධ්‍ය යන අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව විශේෂ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහාත්, අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.