• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ පිහිටි වෑකන්ද ජාතික නිවාස යෝජනා ක්‍රමය නැවත ඉදි කිරීම
- දැනට මෙම නිවාස ඉතා අබලන්ව පවත්නා බැවින් ඒවායින් බරපතළ ආපදාමය අවදානමක් ඇති කෙරේ. මේ අනුව බොහෝ කලකට ඉහතදී ඉදි කරන ලද ඉහත නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ඒකක 114 කින් සමන්විත සිව්මහල් ගොඩනැඟිලිවල පදිංචිකරුවන් හැකි ඉක්මනින් වෙනත් ස්ථානයක පදිංචි කරවීමට අදහස් කෙරේ. එම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන් වෙනත් ස්ථානවල නැවත පදිංචි කරවීම සඳහා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව සම්බන්ධයෙන්, නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කෙරෙන කොළඹ නාගරික නිවාස ව්‍යාපෘතියකින් නිවාස ඒකක 114ක් එකී පදිංචිකරුවන් සඳහා වෙන් කර දීමට අනුමැතිය දෙන ලදී.