• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු පළාත තුළ තල් වගාව මත යැපෙන පවුල් 70,000 ක ජීවනෝපාය සංවර්ධනය කිරීම
- උතුරු පළාත තුළ පමණක් තල් ගස් මිලියන 10ක් පමණ පවතින බවත්, එමඟින්, ආහාරපාන, ශිල්පීය අංශයේ සංවර්ධනය, නිවාස හා සෙවිලි කිරීම් සඳහා දැව හා තල්කොළ සැපයීම, උරුමය හා සංස්කෘතිය පිළිබිඹු කිරීම, මෙන්ම අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ආදායම් ඉපැයීමේ අවස්ථා උත්පාදනය කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත. උතුරු පළාතේ, තල් අංශය මත සෘජුව හා වක්‍රව යැපෙන පවුල් සංඛ්‍යාව 70,000 ඉක්මවයි. තල් අංශය මඟින් -

* යුෂ ආශ්‍රිත නිෂ්පාදන(හකුරු, පැණි, මීරා ආදිය)
* පළතුරු ආශ්‍රිත නිෂ්පාදන (සිසිල් බීම, පනාටු, ජෑම් ආදිය)
* පත්‍ර ආශ්‍රිත නිෂ්පාදන(අත්කම් භාණ්ඩ, කසල බඳුන්, මලු, මේස ඇතිරිලි ආදිය)
* කෙඳි ආශ්‍රිත නිෂ්පාදන (කොසු, බුරුසු ආදිය)
* අල ආශ්‍රිත නිෂ්පාදන (ඕඩියල් හෙවත් තල් අල, තල් පෝෂ, තල් අල පිටි ආදිය)
* දැව ආශ්‍රිත නිෂ්පාදන (දැව, ගෘහ භාණ්ඩ ආදිය)

වැනි අගය එක් කළ විවිධ තල් ආශ්‍රිත නිෂ්පාදන හරහා ජීවනෝපාය සංවර්ධනය ‍කිරීම කෙරෙහි දායකත්වය ලබා දේ.

තල් ආශ්‍රිත හස්ත කර්මාන්ත පුහුණුව, පුත්තලම හා හම්බන්තොට දිස්ත්‍රික්ක ඇතුළුව, උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල ව්‍යාප්ත කිරීමට නියමිතය. ප්‍රමුඛතා පදනමක් මත, රජයේ මැදිහත්වීම අවශ්‍ය බවට හඳුනාගත් ව්‍යාපෘති මධ්‍යකාලීන අයවැය රාමුව තුළ, තල් සංවර්ධන මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු ඩග්ලස් දේවානන්දා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.