• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගිං ගඟ ගංවතුර පාලන ව්‍යාපාරය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
- 70 දශකයේ අග භාගයේදී චීන රජයේ ආධාර ඇතිව ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු 1982 වසරේදී ආරම්භ කර ඇත. එමඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ බඩල්ගම, බෝපේ-පෝද්දල, වැලිවිට, දිවිතුර හා හික්කඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වන්නේ, ගිං ගඟ පහළ නිම්නයේ පිහිටි හෙක්ටයාර 5,000ක පමණ කුඹුරු ඉඩම්වලට නිරන්තර ගංවතුරෙන් වන හානි වැළැක්වීම සහ මෙම ප්‍රදේශයේ පදිංචි පවුල් 20,000ක් පමණ වන ජනතාවට ගංවතුරෙන් සිදුවන උපද්‍රව්‍යන් වැළැක්වීමයි. මෙම ගිං ගඟ ගංවතුර පාලන ව්‍යාපෘතිය පුනරුත්ථාපනය කිරීම බොහෝ කාලයක සිට පැවති අවශ්‍යතාවක් බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, රුපියල් මිලියන 700ක මුළු පිරිවැයකින් එකී පුනරුත්ථාපන ව්‍යාපෘතිය 2014 සිට 2016 වසර දක්වා වසර තුනක (03) කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.