• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ස්මාර්ට් - ශ්‍රී ලංකා" - ශ්‍රී ලංකාව සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සංවර්ධන ක්‍රමෝපාය - (ඉ - ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රියාන්විතය - 2 වැනි අදියර)
- මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයේ ප්‍රතිලාභ රටේ සෑම ගමකටත් සෑම පුරවැසියෙකුටමත් ලබාදීමෙන් ජාතික ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීමයි. 2005 දී 8%කට අඩු වූ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 2012 වන විට 35% ඉක්මවා ඇති අතර, ඊට මූලික වශයෙන් හේතුපාදක වී ඇත්තේ දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවල 'නැණසල' ජාලය ව්‍යාප්ත වීමයි. මෙම ව්‍යාපෘතිය 2014 වසරේ පළමු කාර්තුවෙන් ආරම්භ වී වසර 5 - 6 අතර කාලපරිච්ඡේදයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මහා භාණ්ඩාගාරය විසින් දක්වා ඇති නියමයන්ට යටත්ව, මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.