• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවා සාමාජිකයන්ගේ දරුවන් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ ආරක්ෂක සේවා විද්‍යාලයක් ඉදි කිරීම
- ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරින්ගේ දරුවන් සඳහා අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා ආරක්ෂක සේවා විද්‍යාලය කොළඹ ආරම්භ කර ඇත. එවැනි පහසුකම් රටේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත. කුරුණෑගල වැවගෙදර කනිෂ්ඨ විද්‍යාලය, 'කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය' වශයෙන් වැඩිදියුණු කිරීම සහ ඊට අදාළ වූ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.