• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය (TE net) නමැති ජාත්‍යන්තර සංවිධාන‍යේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම
- නිවර්තන පලතුරු සඳහා වූ ජාත්‍යන්තර ජාලය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුග්‍රහය මත සැකසුණු කලාපීය සංවර්ධන සංවිධානයක් වන අතර, එය නිවර්තන කලාපීය පලතුරු නිෂ්පාදනය, ඵලදායිතාව, සැකසීම, අලෙවිය, ගුණාත්මකභාවය, පරිභෝජනය සහ ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාලයක් වශයෙන් ක්‍රියාත්මක වේ. මෙ‍ම සංවිධානයේ සමාජිකත්වය ලබාගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.