• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අවකාශීය දත්ත හා තොරතුරු පොදුවේ භාවිත කිරීම හා හුවමාරු කිරීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම
- අවකාශීය දත්ත යනු, මාර්ගයක්, ගංගාවක්, ගොඩනැඟිල්ලක‍්, ඉඩමක්, හෝ ඉඩමක මායිමක් වැනි පෘථිවිය මත ඇති කිසියම් ස්වාභාවික හෝ නිර්මිත ස්ථානයක භූගෝලීය පිහිටීම නිවැරදිවම දැක්විය හැකි භූගෝලීය අවකාශීය දත්ත හෝ තොරතුරු වේ. මෙම වැඩසටහන, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත වෙනම ඒකකයක් මඟින් ක්‍රියාත්මක කිරීම සහ එය සුපරීක්ෂණය කිරීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල නියෝජිතයින් ඇතුළත් සුපරීක්ෂණ කමිටුවක් පත් කිරීම සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.