• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 පෙබරවාරි මස 04 දිනට යෙදෙන, 66 වන නිදහස් සමරු උළෙල
උළෙල - 2014 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 66 වන නිදහස් සමරු උළෙලට අදාළ වැඩ සටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම සහ මෙහෙයවීම පිණිස බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ගරු දි.මු.ජයරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු අමාත්‍යවරු හත් (07) දෙනෙකුගෙන්, සබරගමුව පළා‍තේ ප්‍රධාන අමාත්‍යවරයාගෙන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීම සඳහාත් එම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම් වශයෙන් රාජ්‍ය පරිපාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා කටයුතු කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.