• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සේවාවන් පළාත් මට්ටමින් සැපයීම සඳහා කිලිනොච්චි ආදර්ශ පළාත් කාර්යාලය පිහිටුවීම
- ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතාව හා සබැඳි සේවා මහජනතාව වෙත පළාත් මට්ටමින් සැපයීම සඳහා පළාත් කාර්යාල පිහිටුවීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, ඇගැයීම සඳහා සහ 2014-2016 මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සියලුම පළාත් ආවරණය වන පරිදි සවිස්තර ව්‍යාපෘති වාර්තාවක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. මෙම කාර්යාලය මඟින් ඉටු කළ යුතු සමහර කාර්යයන් පහත දැක්වේ:

:* පළාතේ පැවැත්වෙන සියලුම භාෂා පුහුණු පන්ති සුපරීක්ෂණය කිරීම සහ එම පන්ති පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම;
* සමාජ ඒකාබද්ධතා කටයුතු සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ලෙස සහාය ලබා දීම;
භාෂා පරිවර්තන සහා භාෂණ පරිවර්තන පහසුකම් සැලසීම;
රජයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවලට මුහුණපෑමට සිදුවන අභියෝග හඳුනාගැනීම;
රජයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කටයුතු;
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) මඟින් සිදු කරනු ලබන භාෂා පුහුණු කටයුතු සම්බන්ධීකරණය.