• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තිය සංශෝධනය කිරීම
- උසාවි පරිශ්‍රය තුළ ගොඩ ගැසී ඇති නඩු භාණ්ඩ බැහැර කිරීමේදී ඇති වන අනවශ්‍ය ප්‍රමාදයන් ඉවත් කිරීමේ අරමුණින්, හිමිකම් නොපාන ලද දේපළක් සම්බන්ධයෙන් අධිකරණයේ දැන්වීම් පුවරුවේ හා ප්‍රසිද්ධ ස්ථාන දෙකක දැන්වීම් පළ කිරීමේ දින සිට හිමිකම් පෑම සඳහා පුද්ගලයෙකුට ලබා දී ඇති කාල සීමාව මාස 06 සිට මාස 02 දක්වා අඩු කිරීමට සහ එකී දේපළේ වටිනාකම රුපියල් 2,500/- සිට රුපියල් 25,000/- දක්වා වැඩි කිරීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 431 වගන්තිය සංශෝධනය කිරීම පිණිස නීති සම්පාදනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට නියම කිරීමට අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.