• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 14, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (පැරණි වේල්ස් කුමාර මාවත) අංක 210 - 260 ස්ථානයේ පිහිටි නිවාස ඒකක 147කින් යුත් මහල් නිවාස ක්‍රමයේ පදිංචිකරුවන්, ලක්විය හැකි අවදානමකින් මුදවා ගැනීම හා එම නිවාස ක්‍රමය නැවත ඉදි කිරීම
- ඉහත නිවාස යෝජනා ක්‍රමයේ බොහෝ කාලයකට ඉහතදී ඉදි කරන ලද නිවාස ඒකක 147 කින් සමන්විත වූ ගොඩනැඟිලි හයක පදිංචිකරුවෝ 1,000ක් පමණ පදිංචි වී සිටිති. දැනට මෙම නිවාස ඒකක ඉතා අබලන් තත්ත්වයේ පවතින බැවින් විශාල අනතුරක් එමඟින් ජනිත කර ඇත. මෙම ගොඩනැඟිලිවල ප්‍රධාන පෙළේප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට ඇති බැවින් මෙහි පදිංචිකරුවන් දැනට නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදි කරගෙන යනු ලබන සිරිමාවෝ බණ්ඩාරනායක මාවත අවට පිහිටි නිවාස යෝජනා ක්‍රමයක නැවත පදිංචි කරවීමට නියමිතව ඇත. මෙම පැරණි ගොඩනැඟිලි කඩා ඉවත් කළ පසු එම භූමිය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පවරාගෙන එහි සුදුසු නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර ඇත. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත සඳහන් යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.