• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
- කලාපීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් කලාපීය කර්මාන්තපුර සංවර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. කොන්දේසිවලට යටත්ව අපේක්ෂිත ආයෝජකයින්ට බදු පදනම මත කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.