• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව භාරයක් ලෙස ස්ථාපනය කිරීම
- අන්ධභාවය සඳහා ආසියාවේ ඉහළම ව්‍යාප්තියක් සහිත සහ ලොවපුරා දැකිය හැකි ප්‍රධානම හේතුව වනුයේ කුණිතය කෙරෙහි බලපෑම් ඇති කරන අක්ෂි රෝගයන්ය. ගෝලීය කුණිත අන්ධභාවය මැඬලීම ඉලක්ක කරගනිමින් සායනික, අධ්‍යාපනික හා පර්යේෂණාත්මක වැඩසටහන් දියුණු කිරීම උදෙසා වැදගත් දායකත්වයක් ලබා දීම සඳහා ආසියානු රටවල ප්‍රධාන පෙළේ කුණිත විශේෂඥවරුන් විසින් ආසියානු කුණිත සංවිධානය පිහිටුවාගෙන ඇත. ලාභ ඉපැයීම අරමුණු කරනොගත් සංවිධානයක් වන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව පරිත්‍යාග කරන ලද මිනිස් අක්ෂි පටක ලබා ගැනීම සහ සැපයීම මෙන්ම පර්යේෂණ හා අධ්‍යාපනික කාර්යයන් සඳහා අක්ෂි පටක ලබා දීම සිය මෙහෙවර කර ගනිමින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව මහජන භාරයක් බවට පාර්ලිමේන්තු පනතක් මඟින් පරිවර්තනය කිරීම හා ඊට අදාළ කටයුතු කරගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.