• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට (ඇඟිලි සලකුණු) ජෛවමිතික හඳුන්වාදීම
- මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු වන්නේ ඇඟිලි සලකුණු හඳුනාගැනීමේ ස්වයංක්‍රීය ක්‍රමවේදයන් ස්ථාපනය කිරීම මඟින් විදේශ ගමන් බලපත්‍රවල ආරක්ෂිත අංග වැඩි කිරීමයි. මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 679.7ක් වන අතර ඉන් රුපියල් මිලියන 629.7ක් සැපයෙනු ඇත්තේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා එක්ව ව්‍යාපෘතියේ කළමනාකරණ හා ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ වගකීම දරන සංක්‍රමණය සඳහා වන අන්තර්ජාතික සංවිධානය (IOM) හරහා ඕස්ට්‍රේලියානු රජය මඟින් ලබා දෙන ප්‍රදානයක් මඟිනි. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.