• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපායමාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අදියර ගාල්ල සහ මහනුවර නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ. තෝරාගත් නගර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ, රැකියා උත්පාදනය කිරීමේ සහ වර්ධනය වීමේ සැලසුම්ගත ආර්ථික පරිවර්තනයක් කිරීමට හැකිවන ප්‍රධාන කලාපීය ආර්ථික මධ්‍යස්ථාන බවට පත්කිරීම සඳහා සැලසුම් කිරීම, නිර්මාණය හා සංවර්ධනය කිරීම සඳහා රජයේ මෙම නගර සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුවේ ආධාර ලැබෙනු ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් වැය වෙන මෙම ව්‍යාපෘතිය 2013 වර්ෂයේ ආරම්භ වීමට නියමිත අතර, වසර තුනක (03) කාලයක් තුළ නිම කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංග වනුයේ:

* විසල් මහනුවර සහ ගාල්ල නගරයන්හි නගර මධ්‍යයේ සහ ඒ ආසන්න පළාත් පාලන ප්‍රදේශවල යටිතල පහසුකම් හා සේවා වැඩිදියුණු කිරීම;
* මෙම නගර දෙකෙහිම රථවාහන ගමනාගමනය හා ප්‍රවාහන සැලසුම් වැඩි දියුණු කිරීම;
* මෙම නගර දෙකෙහිම රථවාහන ගමනාගමනය පහසු කිරීම සඳහා නාගරික මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම;
* ජලාපවහන සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩි දියුණු කිරීම මඟින් නාගරික ප්‍රජාවට සෙත සැලසීම;

මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.