• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලාරුස් ජනරජය විසින් ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික ගිවිසුම සහ සම්මුතිය
- ශ්‍රී ලංකා ජනරජය සහ බෙලාරුස් ජනරජය අතර වන ඉහත ගිවිසුමට සහ සාපරාධී කරුණුවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය ලබා දීම පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා විසින් බෙලාරුස් ජනරජය වෙත ඉදිරියේදී සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුර අත්සන් තැබීම සඳහා අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.