• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2013 ඔක්තෝබර් මස 21 දින සිට 24 දින දක්වා පැවැත්වීමට නියමිත සනීපාරක්ෂාව පිළිබඳ 5 වන දකුණු ආසියානු සමුළුව
- මෙම සමුළුව 2013 ඔක්තෝබර් මස 21 දින සිට 24 දින දක්වා නේපාලයේ පැවැත්විමට නියමිත අතර, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය; සෞඛ්‍ය අමාත්‍ය; අධ්‍යාපන අමාත්‍ය සහ රාජ්‍ය නිලධාරින් ඊට සහභාගි වනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය යන දකුණු ආසියානු කලාපයේ රටවල සිවිල් සමාජයේ, පෞද්ගලික අංශයේ ආයතන, විද්වතුන් සහ පාසල් සිසුන් නියෝජනය කරමින් පිරිස් මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ පිළිබඳව ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් සපයන ලද ඉහත සදහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.