• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 2016 මැදිකාලීන අයවැය රාමුව හා 2014 වසර සඳහා අයවැය සකස් කිරීම
- අතිගරු ජනාධිපතිතුමා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් 2014 අයවැය සකස් කිරීම පිළිබඳ මූලික කාර්යයන් දැනටමත් ආරම්භ කොට ඇති බව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ යටිතල පහසුකම් පුළුල් කිරීම මඟින් සහ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම මඟින් ඇතිකළ දිරිගන්වනසුලු සංවර්ධනයක් සහ ඉහළ ආර්ථික වර්ධනයක් සහිත රටක් වශයෙන් ඒක පුද්ගල ආදායම එ.ජ. ඩොලර් 4,000ට වඩා වැඩි කිරීම උපාය මාර්ගයේ ප්‍රධාන ඉලක්කය බවයි. මෙම ඉලක්කයන් ලඟා කර ගැනීම සඳහා සමාජ, ආර්ථික හා පාරිසරික අංශයන් ආවරණය කරමින් ග්‍රාමීය, කලාපීය හා නාගරික මට්ටමින් මේ වන විට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී. එම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත ප්‍රතිලාභ මහජනයාට ඉක්මනි ලැබෙන බව සහතික කිරීම පිණිස, එම ව්‍යාපෘති නිසි කලට නිම කිරීම කෙරෙහිද 2014 අයවැය තුළින් ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.