• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයෙහි (NSBM) - යෝජිත විශ්වවිද්‍යාල සංකීර්ණය හෝමාගම ඉදි කිරීම
- චීන සංවර්ධන බැංකුව මඟින් සපයනු ලබන ණය මුදලක් මඟින් යෝජිත හෝමාගම විශ්වවිද්‍යාල සංකීර්ණය ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඉහත ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, ලැබී ඇති අවම ලංසුවට පිරිනැමීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.