• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රය නවීකරණය කිරීම
- අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නවීකරණය කිරීමට යෝජනා වී ඇත. දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි සේවාව ලෙස 1924 වර්ෂයේදී ආරම්භ වී ඇති ලංකා ගුවන් විදුලි සංස්ථාව, එහි පෞරාණික වටිනාකම රැකගනිමින් නවීකරණය කිරීම මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වේ. මෙහි වාස්තු විද්‍යාත්මක උපදේශක සේවාව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ලබාගැනීමටද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.