• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාලු පාර සහ ආර්.ඒ.ද මෙල් මාවත පුනරුත්ථාපනය කිරීම - කොන්ත්‍රාත් පැකේජය - 'ඒ' (ගලදාරි වටරවුමේ සිට කොල්ලුපිටිය හන්දිය දක්වා)
)- කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතිය, නැවත ඉදි කිරීම සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) ණය ආධාර සපයනු ලබන ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇත. මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස ගාලු පාරේ ඉහත‍සඳහන් කොටස පුනරුත්ථාපනය කිරීම සඳහා තීරණය කොට ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරුට ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.