• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ඇති කිරීම
- වර්තමානයේදී මත්ද්‍රව්‍ය භාවිතය බරපතළ සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇත. රාජ්‍ය ධනය විනාශ කිරීමට අමතරව රටේ ආර්ථිකය ශක්තිමත් කර ලීමට හැකියාව ඇති ජවසම්පන්න තරුණ පරපුර රෝගීන් බවට පත් කරන්නා වූ යාන්ත්‍රණයක් බවටද මෙය පත්ව ඇත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් 2011 වසරේදී බන්ධනාගාර ගත වූවන්ගේ සංඛ්‍යාව 10,568 කි. ඉන් 6,165 ක් එම වරද වෙනුවෙන් දෙවන වරටත් සිරගත වූවන් වන අතර, 2,073 ක් දෙවතාවකට වැඩි වාරයක් එම වරද වෙනුවෙන්ම සිරගතවූවෝ වෙති. එම අගයන් ප්‍රතිශතයක් ලෙස ගැනීමේදී 78% කි. එල්ටීටීඊ සංවිධානය සමඟ එක්ව සිටි සටන්කරුවන් පුනරුත්ථාපනය කර, සමාජගත කිරීමට කටයුතු කළ, පළපුරුදු කාර්ය මණ්ඩලයක් සහිත පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයට, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා එක්ව මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ හැකියාව ඇත. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.