• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලාරූස්(Belarus) ජනරජය අතර වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ යෝජිත ගිවිසුම
- මෙම ගිවිසුමේ අරමුණ වනුයේ දෙරට අතර පවත්නා වෙළඳ සහ ආර්ථික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමය. ඉදිරියේදී සිදු වන ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන් විසින් ඉදිරියේදී බෙලාරුස් ජනරජය වෙත සිදු කිරීමට නියමිත නිල සංචාරය අතරතුර ඉහත ගිවිසුම අත්සන් කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.