• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේරස් ගඟ වැසි ජල අපවහන හා පරිසර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය නුගේගොඩ, රත්තනපිටිය, බොරලැස්ගමුව, මහ ඇළ සහ රත්මලාන ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමට මහා සැලැස්මක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (ශ්‍රී ලං.ඉ.ගො.සං.ස.) හා එක්ව, ජපන් අන්තර්ජාතික සහයෝගිතා සංගමය (JICA) මඟින් සිදු කරන ලද ජල විද්‍යාත්මක අධ්‍යයනයක් මත පදනම්ව ශ්‍රී ලං.ඉ.ගො.සං. විසින් සකස් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම මඟින් වේරැස් ගඟ ද්‍රෝණියේ ඇතිවන නිරන්තර ගංවතුර ගැලීම් අවම වනු ඇති අතර, අදාළ ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරමින් තිරසර සංවර්ධන කටයුතු වර්ධනය සහ පාරිසරික දැනුම පුළුල්වනු ඇත. ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය රුපියල් මිලියන 14,227 ක් බවට ඇස්තමේන්තු කර ඇති අතර, එය වර්ෂ හතරක් (04) ඇතුළත නිම කිරීමට නියමිතය. මෙම කරුණ පිළිබඳව ණය මුදල් ලබාගැනීම සඳහා වූ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.