• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩයිසැන්ඩියාමයිඩ් හා වේ ප්‍රෝටීන් සාන්ද්‍රණ මඟින් දූෂ්‍ය වූ කිරිපිටි වර්ග
- මෙම කරුණට අදාළව ලැබී ඇති විවිධ වාර්තා පදනම් කර ගනිමින් ‍සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වේ ප්‍රෝටීන් සාන්ද්‍රණ අඩංගු ආනයනික කිරි වෙළඳපොළ වෙත මුදා හැරීම නතර කිරීමට වහා පියවර ගෙන ඇත. එකී ක්‍රියාමාර්ගය ගැටලුකාරී තත්ත්වයන් රාශියකට තුඩුදී ඇත. එබැවින් ළදරු කිරි වට්ටෝරු ඇතුළු කිරිපිටි ප්‍රමාණවත් පරිදි වෙළඳ පොළෙහි තිබීම, දේශීය කිරි නිෂ්පාදනය, සැකසීම හා අලෙවිය ඉහළ නැංවීම සහ ජාතියේ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීම පිණිස මෙම කරුණ පිළිබඳව සොයා බලා අමාත්‍ය මණ්ඩලයේ මීළඟ රැස්වීමට ඒ පිළිබඳ වාර්තාවක් සලකා බැලීමට ඉදිරිපත් කිරීම පිණිස අදාළ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.