• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපතිතුමා සීෂෙල්ස් රාජ්‍යය වෙත සිදුකළ රාජ්‍ය සංචාරය
සංචාරය - අතිගරු ජනාධිපතිතුමා මෑතදී සීෂෙල්ස් රාජ්‍යය වෙත සිදුකළ රාජ්‍ය සංචාරය පිළිබඳ තොරතුරු විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම සංචාරය අතරතුරදී දෙරට අතර අත්සන් තබන ලද ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය දෙන ලදී. ද්විපාර්ශ්වීය ගුවන් සේවා, වෘත්තීය පුහුණු සහ තරුණ සංවර්ධන ක්ෂේත්‍රයන්හි අත්සන් තබන ලද ගිවිසුම්/ අවබෝධතා ගිවිසුම් දෙරටේ රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක්විය. දෙරට අතර අධ්‍යාපනය, ධීවර කටයුතු, වෙළඳ හා ආයෝජන, අධිකරණ සහ සෞඛ්‍ය යන පෘථුල පරාසයක විහිදුන වඩාත් ශක්තිමත් සහයෝගිතාව දෙරටේ රාජ්‍ය නායකයන් විසින් අගයන ලදී.