• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- පරිසර අමාත්‍යාංශයේ ඕසෝන් අංශය විසින් නිකුත් කරනු ලබන පංගු ක්‍රමයක් මත සියලු හැලජිනිකෘත ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන් (HCFC) ද්‍රව්‍ය ආනයනය හා අපනයනය පාලනය කිරීම පිණිස රෙගුලාසි පනවමින් ඉහත ගැසට් නිවේදනය අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.