• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොටස් ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා 1961 අංක 29 දරන මහජන බැංකු පනතට යෝජිත සංශෝධන
- පසුගිය වසර කිහිපය මුළුල්ලේ මහජන බැංකුව කලාපයන් තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින්, සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත. මහජන බැංකුවේ කොටස් ප්‍රාග්ධනය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා‍ කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.