• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතට යෝජිත සංශෝධන
- ඉහත පනතට අදාළව සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. යෝජිත සංශෝධනයෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ, මෙම පනත ක්‍රියාත්මක වන දින සිට වසර හතරක කාලයක් ඇතුළත ජීවිත රක්ෂණ කටයුතු සඳහා එක් සමාගමක් ද සාමාන්‍ය රක්ෂණ කටයුතු සඳහා වෙනත් සමාගමක් ද වශයෙන් සිය රක්ෂණ ව්‍යාපාරය සමාගම් දෙකක් බවට පත් කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් නිකුත් කළ වලංගු බලපත්‍රයක් මත දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරයේ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයෙහි නියැළි රක්ෂණකරුවන්හට නියම කිරීමයි.