• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහ කොළඹ ප්‍රදේශයේ ජල සම්පාදනය ඉහළ නැංවීම සහ අපජල කළමනාකරණය වැඩි දියුණු කිරීමේ වැඩසටහන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර
- අදියර 4 කින් සමන්විත මෙම වැඩසටහන සඳහා එ.ජ.ඩොලර් මිලියන 300 ක මූල්‍යාධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ මහ කොළඹ නගරයේ පානීය ජල සැපයුමෙහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. මෙම ව්‍යාපෘතියෙහි අදියර දෙකක් 2012 සිට 2018 අතර කාලය තුළ ක්‍රියාත්මක කොට නිම කිරිමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.