• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නඟමු පුරවර - 2013 මහල් නිවාස නවීකරණය
- නඟමු පුරවර - 2013 වැඩසටහන යටතේ මහල් නිවාස සංකීර්ණ අලුත්වැඩියා කිරීම පිණිස මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත රුපියල් මිලියන 1000 ක් වෙන් කර දී ඇති අතර, වැඩසටහන යටතේ නිවාස යෝජනා ක්‍රම 25 ක් අලුත්වැඩියා කිරීමට අපේක්ෂා කෙරේ. නිවාස යෝජනා ක්‍රමවල රුපියල් මිලියන 300 ක් දක්වා ඇස්තමේන්තුගත අලුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. කොළඹ මහ නගර සභා සීමාව ඇතුළත පිහිටි නිවාස යෝජනා ක්‍රම 17 ක අලුත්වැඩියා කටයුතු, ඒ සඳහා දැනටමත් වෙන් කර ඇති අරමුදල් උපයෝගී කරගනිමින්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පිරිනැමීම සඳහා ඉදි කිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය, ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී: