• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය
- හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ හැකි ව්‍යාපාර හඳුනාගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ව්‍යාපාර සැලැස්මක් සකස් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි, පහත සඳහන් ව්‍යාපාර, අදාළ කොන්දේසිවලට යටත්ව, පහත ලංසුකරුවන් වෙත පිරිනැමීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

* සීමාසහිත ඇඩ්වාන්ස් සර්ෆැක්ටන්ස් ඉන්දියා සමාගම - ඛනිජ තෙල්, ඛනිජ රසායනික හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යන්ත්‍රාගාරයක් පිහිටුවීම පිණිස ඉඩමක් බදු දීම;
* ලාෆ් ගෑස් පී.එල්.සී. - එල්.පී. ගෑස් ගබඩා කිරීමේ හා බෙදාහැරීමේ ස්ථානයක් පිහිටුවීමට ඉඩමක් බදු දීම;
* සීමාසහිත ලාෆ් හෝල්ඩිං සමාගම - වසරකට මෙ.ටො‍.50,000 ක ධාරිතාවකින් යුත් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ යන්ත්‍රාගාරයක් පිහිටුවීමට ඉඩමක් බදුදීම;
* සීමාසහිත එනල්ජි වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් සමාගම - ස්වාභාවික ද්‍රව ගෑස් කේන්ද්‍රික පර්යන්තයක් ඉදි කිරීමට ඉඩමක් බදු දීම; සහ
* සීමාසහිත රෑන්ක් කන්ටේනර් ටර්මිනල් සමාගම - පෙට්ට්‍රෝ රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සහ ප්‍රතිඅපනයන පහසුකම් ස්ථාපනය කිරීමට ඉඩමක් බදු දීම.: