• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 යටතේ කොන්ත්‍රාත් හයක් (06) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කළ පරිදි ජාතික මහාමාර්ග පුනරුත්ථාපන/පුළුල් කිරීම/වැඩිදියුණු කිරීම පිණිස පහත සඳහන් කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන්, අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* හසලක- හඳුන්ගමුව- හෙට්ටිපොල මාර්ගය (බී 484) කි.මී.0.00 සිට කි.මී.20.00 දක්වා;
* කැලණිමුල්ල - මුල්ලේරියාව - කොස්වත්ත මාර්ගය -අදියර I - කණුමත ඉදිවන මාර්ගය සහ ප්‍රවේශ මාර්ගය කි.මී.0.00 සිට කි.මී.0.60 දක්වා ඉදිකිරීම;
* කුරුණෑගල - නාරම්මල - මාදම්පේ මාර්ගය කි.මී.22.26 සිට කි.මී.40.87 දක්වා;
* සීදූව - කටුනායක මාර්ගයේ කි.මී.0.00 සිට කි.මී.3.90 දක්වා සහ සීදූව සිට උඩුගම්පල දක්වා කි.මී.0.00 සිට කි.මී.11.70 දක්වා;
* යාපනය ‍- පොන්නාලෙයි - පේදුරුතුඩුව මාර්ගයේ කි.මී.28.5 සිට කි.මී.31.5 අතර කි.මී.1.5 ක මාර්ග කොටස; සහ
* අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආශ්‍රිත මාර්ග ජාලය.