• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ජාතික දිනයක් ප්‍රකාශයට පත් කිරීම
- දක්ෂ/නිපුණ ශ්‍රම බලකායක් සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන තුළ මෙන්ම කර්මාන්ත අංශය තුළ පවතින මහත් උද්යෝගය, රටේ සමාජ ආර්ථික සංවර්ධනය කෙරෙහි දායක වී ඇති බව නිරීක්ෂණය කරන ලදුව, ජූලි මස 15 වන දිනය කාර්මික, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ජාතික දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.