• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනත සංශෝධනය කිරීම
- ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කර ඇති සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව, සංදේශයේ යෝජිත පරිදි, 1990 අංක 20 දරන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.