• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාරගත තරුණ රැඳවූවන් සඳහා බන්ධනාගාරය තුළ රජයේ පාසලක් ආරම්භ කිරීම
- දිගුකාලීන සිර දඞුවම් විඳින තරුණ රැඳවූවන් බන්ධනාගාරයෙන් නික්ම යා‍මේදී යහපත් පුරවැසියන් බවට පත්වීමට ඔවුන්ට අවස්ථාව සලසනු වස්, ඔවුන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ගරු චන්ද්‍රසිරි ගජදීර මැතිතුමා සහ අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ යෝජනාවට අනුව, බන්ධනාගාර රැඳවූවන්ගේ සාක්ෂරතාව හා වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින්, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව වටරැක බන්ධනාගාරය තුළ පාසලක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.