• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු ජනරජයේ පේෂකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව සුළු හා මධ්‍යම පරිමාණ අත්යන්ත්‍ර, බලවේග හා පේෂකර්මාන්ත ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
- මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ සුළු හා මධ්‍යම පරිමාණ අත්යන්ත්‍ර, බලවේග හා පේෂකර්ම ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික අවස්ථා සහ සහයෝගිතාව පුළුල් කිරීමයි. දෙපාර්ශ්වය විසින් එක්ව කෙටුම්පත් කර ඇති මෙම අවබෝධතා ගිවිසුම, එය අත්සන් කළ දින සිට වසර පහක (05) කාලයක් බලාත්මකව පවතිනු ඇති අතර සෑම වසර පහකට (05) වරක් අලුත් කරගත හැකිය. ඉහත අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහාත් අදාළ කාර්යයන් ඉටුකිරීම සඳහාත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.