• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු සංකීර්ණය නවීකරණය කිරීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
- පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අවශ්‍ය පහසුකම් සහිතව තලපත්පිටියේ නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමටත් අදාළ යෝජනා ඇගැයීම සහ අදාළ පිරිවැය පිළිබඳ සාකච්ඡා කටයුතු පැවැත්වීම සඳහා තාක්ෂණික ඇගැයීම් කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම සඳහාත් පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කමිටුව විසින් අනුමත කරනු ලැබ ඇති පරිදි, 1982 වර්ෂයේදී පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ඉදි කළ සීමාසහිත සුමිටෝමෝ මිට්සුයි කන්ස්ට්‍රක්ෂන් සමාගමේ සේවාවන් ලබා ගැනීම සඳහාත් අග්‍රාමාත්‍ය, ගරු දි.මු.ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.