• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු ඵලදායිතා සංවිධානයේ දෙවන වැඩමුළුව - 2013
- කර්මාන්ත හා කෘෂිකර්ම ‍ක්ෂේත්‍රයේ ඵලදායිතාව ඉහළ නැංවීම ගැනීම පිණිස සිය සාමාජික රටවලට සහාය දක්වන ආසියානු ඵලදායිතා සංවිධානය ජපානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සංවිධානයකි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියා පැසි‍ෆික් කලාපයේ රටවල් 20 ක් මේ වන විට එහි සාමාජිකත්වය ලබා ඇත. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වැඩ මුළු දෙකෙන් පළමුවැන්න 2013 ජුනි මස 03 සිට 07 දක්වා පැවැත්වුණු අතර එහි දෙවැන්න දේශගුණික වෙනස්කම් අවම කරගැනීම පිණිස වගා ක්‍රම සංවර්ධනය යන තේමාව ඔස්සේ 2013 අගෝස්තු මස 26 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එකී දෙවන වැඩමුළුවට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.