• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - පින්නදූව සිට ගොඩගම දක්වා වන දකුණු කොටස ඉදි කිරීම - දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත දිවෙන ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම
- පින්නදූව සිට මාතර දක්වා වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ දකුණුදිග කොටස ඉදි කිරීමට අවශ්‍ය පිරිවැය පියවාගැනීම පිණිස රජය විසින් චීනයේ එක්සිම් බැංකුව වෙතින් ණය මුදලක් ලබාගෙන ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත දිවෙන පහත සඳහන් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා ඉහත කී ණය මුදලේ ඉතිරි කිරීම් උපයෝගී කරගැනීම පිණිස වරය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* බී465 - වැලිගම - කනන්කේ මාර්ගය - කි.මී.9.6
* බී466 - වැලිගම - තෙලිජ්ජවිල මාර්ගය - කි.මී.7.7
* බී578 - දොරපෙ - හියාරේ මාර්ගය - කි.මී.8.7