• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'දැයට කිරුළ - 2014' ජාතික ප්‍රදර්ශනය - කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික්කවල ඉ-ශිල්පාගාර ඉදි කිරීම
- 2014 දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන සහ ප්‍රදර්ශනයට සමගාමීව කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පිළිවෙළින් ඉ-ශිල්පාගාර 75 ක් සහ 50 ක් ඉදි කිරීමට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙකී ඉ-ශිල්පාගාර අතුරින් 2013 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ 25 ක්ද පුත්තලම දිස්ත්‍රික්කයේ 15 ක්ද වශයෙන් ඉදි කෙරෙනු ඇති අතර ඉතිරි ඉ-ශිල්පාගාර 85 ක ප්‍රමාණය 2014 දී ඉදි කිරීමට නියමිතය. රුපියල් මිලියන 168 ක පිරිවැයක් මත ඉහත ඉදි කිරීම් කටයුතු කරගෙන යාම සඳහා විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.