• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර දිස්ත්‍රික්කයේ පිහිටුවීමට යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතනය සඳහා සුදුසු ඉඩමක් ලබා ගැනීම
- විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවීමේ අරමුණ වන්නේ, ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා බඳවාගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම හා රටේ කර්මාන්ත ‍ක්ෂේත්‍රයේ ඉල්ලුම සපුරාගැනීම පිණිස මධ්‍යම මට්ටමේ තාක්ෂණික ශිල්පීන් බිහි කිරීමයි. යෝජිත විශ්වවිද්‍යාල විද්‍යායතන 2014 ජනවාරි මාසයේ සිට ආරම්භ වීමට නියමිතය. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ ඇති ආහාර දෙපාර්තමේන්තුව සතු මාතර මැද්දවත්තේ පිහිටි ඉඩමක එවැනි එක් විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම කරුණ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.