• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වායු සම්පත් කළමනාකරණය පිළිබඳව '2014 හිතකර වායු තත්ත්ව අන්තර්ජාතික සමුළුව' (Better Air Quality - 2014) සහ '8 වන ආසියානු කලාපීය පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ සංසදය' [8th Regional Environmentally Sustainable Transport (EST) Forum in Asia] ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- ආසියානු කලාපයේ වායු තත්ත්ව කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේශඥයින් විශාල සංඛ්‍යාවක් එක්රැස් වී, රාජ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයකට යොමු කරමින් තිරසර ප්‍රවාහනය, බලශක්ති, කර්මාන්ත, පවිත්‍ර ඉන්ධන හා කාර්යක්ෂම රථවාහන, වායු තත්ත්වය සහ දේශගුණික වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීමට වේදිකාවක් මෙම සමුළුව මඟින් සලසා දෙනු ඇත. මෙම කරුණට අමතරව, ඉහත සමුළුවට සමගාමීව 2014 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තොර්බර් මස 03 දින දක්වා ආසියානු කලාපීය පාරිසරික තිරසාර ප්‍රවාහනය පිළිබඳ සංසදයේ 8 වන සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව එකී සංසදයේ සංවිධායකයින් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.