• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වීරවිල ආදර්ශ තල් ගොවිපළ - අපනයන නිෂ්පාදන ගම්මානය සඳහා ඉඩම් ප්‍රමාණයෙන් අඩක් මුදා හැරීම
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි අක්කර 23 ක් පමණ වන අදාළ ඉඩමේ තල් සංවර්ධන මණ්ඩලය විසින් ආදර්ශ තල් ගොවිපළක් පිහිටුවා ඇත. මෙම ඉඩමට ආසන්නයේ පිහිටි ගම්මානවල කාන්තාවන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සලසා දී ඇති හම්බන්තොට සංවර්ධන පදනම යටතේ ක්‍රියාත්මක වන අපනයන නිෂ්පාදන ගම්මානය වෙත එම ඉඩමෙන් අඩක් එළවළු හා පලතුරු වගා කිරීම පිණිස ලබා දීම සඳහා සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.