• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශීය නිලධාරින් හට ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ පුහුණු පාඨමාලා අවස්ථා ලබාදීම
- 2007 වසරේදී ආරම්භ කරන ලද මෙම විද්‍යාලය, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මධ්‍යම මට්මමේ නිලධාරින් සඳහා පුහුණු පහසුකම් ලබා දේ. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, මාලදිවයින, නේපාලය, චීනය, මලයාසියාව, ඉන්දුනීසියාව, රුවන්ඩාව, සෙනගාල් සහ සුඩානය ආදී රටවල සමාන මට්ටමේ නිලධාරින් සඳහා මෙම විද්‍යාලයේ පුහුණු පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.